Tributes : බන්දුල නානායක්කාරවසම්

බන්දුල නානායක්කාරවසම්

හොඳ පද මාලාවකින් තොරව හොඳ ගීතයක් බිහිවිය නොහැකි බව වික්ටර් තරම් පසක් කොට ගත් වෙනත් තනු රචකයෙක් හා ගායකයෙක් සිටීද යන්න පවා සැක සහිතය.

ගීතයේ හැඩහුරුව අනුව ඊට අනුගත සංගීතය පෙරදිගද, බටහිරද, කර්ණාටක ජන සංගීතයද, බෙංගාලි ආභාසය ආදී වශයෙන් නිවැරදිව තීරණය කරන්නට වික්ටර්ගේ සංගීත පරිචය තියුණු විය.

එම විවිධත්වය වික්ටර් විසින් පදමාලා වලට දායාද කරනු ලැබුයේ එවකට පැවති ඒකාකාරී සංගීත සංයෝජනයන් වෙතද විචිත්‍රත්වය ළඟා කරමිනි.

 

අවසාන වශයෙන් වික්ටර් උදෙසා, මහා කවි ඩී එච් ලෝරන්ස් ලියූ කවියක් පරිවර්තනය කරමි.

 

“මුතු පැහැපත් බව ඇත්ත,

ඒත් ඔබ ඊට වඩා පැහැපත්.

පළඳින්න මේ මුතු අප වෙනුවෙන්,

ආදරය කරමු, මුතු වලට නොව පළඳින ඔබට.”

>> View Detailed Page
This is a compressed page. View Original