Tributes : ගාමිණී ෆොන්සේකා

ගාමිණී ෆොන්සේකා

රැයකට තිස් වරක්

පෑ ගණනක් ඔස්සේ,

දහස් වාරයක්, වස් ගණනක් තිස්සේ,

එක් හඬකින්,

නා නා ස්වරයන්ගෙන්,

එක් කෝටි හමාරක් මිනිසුන් පිනවන්නට,

විරු එඩියෙන් උතුරවන්නට,

බුදු ගුණයෙන් දොවන්නට,

ආදරයෙන්, කරුණාවෙන්,

මෙත් ගුණයෙන් හදවත් සිසිල් කරවන්නට,

සුවඳ කරවන්නට,

එක් මිනිසෙකුට හැකිවේනම්

ඒ මහගු කලාකරුවෙකුට පමණි

>> View Detailed Page
This is a compressed page. View Original