Tributes : ජැක්සන් ඇන්තනී

ජැක්සන් ඇන්තනී

පෙම් සිත විඳගන්නට

එහි ඇළී ගැලී මත්වී නිද්‍රාගත වන්නට

බොළඳ වෙඬරු සිත ගිනියම් වන්නට

අනගි නුරා පෙම් සුව විඳගත් පරිද්දෙන්ම

වියෝවේ රළු පහසද දෑස් පියා විඳගන්නට

පෙම් සිත කියවාගන්නට

විඳගත් දුක් පීඩාවන්, සුබ ප්‍රහර්ෂයෙන් එකට පොකුරු වූ

අසනිය දෝතක් සේ ගෙන

බැති සිතින් පූජා කරනට මට දෙවොලක් තිබුණි.

දෙවොල අරා සිටි සොඳුරු මුනිවරයෙකි.

 

මම මගේ යොවුන් මුනිවරයා වන්දනා කෙරුවෙමි.

ඇදහුවෙමි, අනුගමනය කෙරුවෙමි, අනුකරණය කෙරුවෙමි.

කිකලකවත් ළංවිය නොහැකි

මගේ මුනිවර තාරකාව දෙස

මම තව දුරටත් බලා සිටිමි

>> View Detailed Page
This is a compressed page. View Original