“ස” ප්‍රසංගය පිළිබඳ සැකෙවින්.....
ප්‍රසංගයට පෙර සුදානම....
ස ප්‍රසංගයට නමක් යෝජනා කිරීමේ පළමු හමුවට බණ්ඩාර කේ විජේතුංග, කේ. ඩී. කේ ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, චින්තන ජයසේන, ආර්.ආර්. සමරකෝන්, හරිස්චන්ද්‍ර වීරසිංහ, හර්බට් ගුණවර්ධන, පුණ්‍යසිරි මහවත්ත ආදීහු සහභාගී වූහ.
සප්ත ස්වරයේ මුල් අකුර “ස” නිසා ප්‍රසංගයට "ස" යන නම තබමු යැයි චින්තන ජයසේනයන් යෝජනා කල අතර සියල්ලෝම ඊට කැමති වූහ.
ප්‍රසංගයට ඇඳුම් නිර්මාණය කර දුන්නේ චිත්‍ර ශිල්පී උපසේන ගුණවර්ධනය. ඇඳුම් නොමිලේම ලබා දුන්නේ නූර් ටෙක්ස් ගාමන්ට්ස් අධිපති කරුණාජීව ගනේගොඩ මහතාය.